වෙබ් අඩවියක් ආරම්භ කිරීම සදහා ඔබ සතු විය යුතු මුලිකාංග

මෙම ලිපියෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පෙර ඔබ සතු විය යුතු මුලිකාංග හා ඒවා මිලදී ගන්න ආකාරය පිලිබදව සාකච්ජා කෙරේ.

 

ඔබගේ ව්‍යාපාරය සදහා හෝ පෞද්ගලික භාවිතය සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට කරගැනීමට අදහස් කරන්නේ නම් ඊට පෙර ඔබ සපයා ගත යුතු ප්‍රධාන කරුණු දෙකකි.

1. Domain name එකක්.
2. Web Hosting account එකක්.

 

1. Domain name එකක් යනු.

Domain name එක යනු ඔබේ නව වෙබ් අඩවිය සදහා ලැබෙන වෙබ් ලිපිනයයි. ඔබේ වෙබ් අඩවියට පිවිසීමට පරිශීලකයින් විසින් මතක තබා ගත යුත්තේද මෙම වෙබ් ලිපිනයයි. පහත දැක්වෙන්නේ වෙබ් ලිපින සදහා උදාහරණ කීපයකි.

facebook.com
google.com
wikipedia.com
dinooz.com

යම් වෙබ් ලිපිනයක් මිලදී ගෙන වසරක් යන තුරු එහි හිමිකාරීත්වය මිලදී ගත් පුද්ගලයාට හිමිවේ. මෙම කාලය තුල වෙනත් පුද්ගලයෙකුට එය මිලදී ගත නොහැක. වසරක් අවසානයේ නැවත මුදල් ගෙවා එය අලුත් කල යුතු ය.

 

 

2. ඔබට අවශ්‍ය domain name එක මිලදී ගැනීමට ඇත්දැයි පරික්ෂා කර බැලීම.

– පහත ලිපිනයට පිවිසෙන්න.

https://partners.hostgator.com/gEdD9

– Search යටතේ ඔබට අවශ්‍ය domain name එක ඇතුලත් කර “Search” button එක මත click කරන්න.

– එවිට ඔබට අවශ්‍ය domain name එක මිලදී ගත හැකි නම් ඒ බව සහ එහි මිලද දර්ශනය වේ.

 

3. Domain name එක මිලදී ගැනීම.

ඉහත ආකාරයට පරික්ෂා කිරීමෙන් අනතුරුව “Continue to checkout” button එක මත click කර ඔබේ credit / debit card පත හරහා මුදල් ගෙවා domain name එක මිලදී ගත හැකිය.

මේ අවස්ථාවේදී ඔබ විසින් නිර්මාණය කරනු ලබන hostgator ගිණුමෙහි විස්තර ( username එක හා password එක ) ඔබගේ වෙබ් අඩවි නිර්මාපකයාට ලබා දිය යුතුය.

සටහන : Domain name එක තෝරා ගැනීම Web hosting එක මිලදී ගන්න අවස්ථාවේදීම වුවද සිදු කල හැකිය.

 

4. Web hosting account එකක් යනු.

වෙබ් අඩවියක අඩංගු ගොනු (html files, photos, videos, icons ) සියල්ල තැම්පත් කර ඇත්තේ Web hosting account එක තුලය. Domain name එක සහ Web hosting එක වෙනස් ආයතන දෙකකින් වුවද මිලදී ගත හැකි අතර එවන් අවස්ථාවකදී domain name එක හා Web hosting account එක සම්බන්ධ කිරීමක් කල යුතුය. ඒ සදහා මේ ගිණුම් දෙකේම විස්තර ( usernames හා passwords ) වෙබ් අඩවි නිර්මාපකයට ලබා දිය යුතුය. මේ දෙකම එකම ආයතනයකින් මිලදී ගත විට ඒවා සම්බන්ධ කිරීමක් අවශ්‍ය නොවේ.

 

5. Web hosting account එකක් මිලදී ගැනීම.

– පහත දැක්වෙන වෙබ් පිටුවට යන්න.

https://partners.hostgator.com/BMLyy

– “Hatchling Plan” යටතේ ඇති “Buy Now” button එක මත click කරන්න.

– මෙම පියවරේදී ඍජුවම නව domain name එකක් register කිරීමේ හැකියාවද ඇති අතර, ඒ සදහා “Register a New Domain” ටැබ් එක select කරන්න.

– ඔබට දැනටමත් Domain name එකක් ඇත්නම්, “I Already Own This Domain” tab එක select කර ඔබේ Domain name එක ඇතුලත් කරන්න.

– අනෙකුත් අත්‍යවශ්‍ය තොරතුරු සාමාන්‍ය පරිදි ඇතුලත් කරන්න.

– පිටුවේ අංක 4 යටතේ ඇති “Add Additional Services” සදහා තෝරා ඇති items අවශ්‍ය නැති නම් ඉවත් කරන්න.

– අවසානයේ “Checkout Now” button එක මත click කර ඔබේ credit / debit card පත හරහා තෝරාගත් සේවාවන් මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *