ඔබගේ වෙබ් අඩවියටත් google reCaptcha එකක් එක් කල යුත්තේ ඇයි?

google reCAPTCHA සේවාව මගින් ඔබගේ වෙබ් අඩවිය spam සහ bot attacks වලින් ආරක්ෂා කරයි. මෙය Google සමාගම විසින් සපයන සේවාවක් වන අතර ඒ සදහා කිසිදු මුදලක් අය නොකරයි.

ඕනෑම වෙබ් අඩවියකට ප්‍රධාන වශයෙන් වර්ග දෙකක පරිශීලකයන් පැමිණේ.

  1. සැබෑම පුද්ගලයන්.
  2. පරිගණක මෘදුකාංග මගින් නිර්මාණය කල bots.

මේ වර්ග දෙකේම පරිශීලකයන්ට ඔබේ වෙබ් අඩවිය තුල comments ඇතුලත් කිරීමට, වෙබ් අඩවියේ register වීමට මෙන්ම වෙබ් අඩවියට login වීමටද උත්සහ කල හැක. මේ අතරින් බහුලවම වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුලත් වන්නේ (Website Hacking) පරිගණක මෘදුකාංග (bots) හරහා අතර bots මගින් සිදුවන අනවසර ක්‍රියාකාරකම් වැලැක්වීම google reCaptcha මගින් ප්‍රධාන වශයෙන් ම සිදු වේ.

google reCaptcha එකක් ඇතුලත් කල login form එකක් මේ ආකාරයෙන් දිස්වේ

why you need to install google recaptcha on your website

මේ හරහා ඔබගේ වෙබ් අඩවියේ dashboard එකට ඇතුලත් වීමට අවශ්‍ය නම් පළමුව මෙහි ඇති “I’m not a robot” බොත්තම මත click කර එය විසදීම කල යුතුය.  මෙය සැබෑ පුද්ගලයෙකුට ඉතාම පහසුවෙන් සිදු කල හැකි නමුත් පරිගණක වැඩසටහනකට (bot) විසදිය නොහැක.

why you need to install google recaptcha on your website

ඔබ තවමත් ඔබගේ වෙබ් අඩවියට google reCaptcha එකක් ඇතුලත් කර නොමැති නම්, ඊට අනවසරයෙන් පුද්ගලයන් (bots) ඇතුළු වීමේ ඉහල සම්භාවිතාවක් පවතී. එලෙස ඇතුළු වූ සමහර bots මගින් වෙබ් අඩවි වල දත්ත වෙනස් කිරීම් සිදුවූ අවස්ථා ඇති අතර, ඉන් සමහර වෙබ් අඩවි නැවත යථා තත්වයට ගත නොහැකි මට්ටමටම විනාශ වූ අවස්ථා ද ඇත.

Dinooz Web Solutions ආයතනය මගින් google reCaptcha සේවාව ඔබේ වෙබ් අඩවියටත් ස්ථාපනය කර දෙන අතර ඒ සදහා අප ආයතනය $10 ක සේවා ගාස්තුවක් අය කෙරේ. මේ පිලිබදව විමසීමට හෝ සේවාව ඇනවුම් කිරීමට පහත button එක මත click කර අපව සම්බන්ධ කර ගත හැකිය.

 

Click Here

 

මෙම ලිපිය සම්බන්ධ යම් ගැටළුවක් වෙතොත් ඒ පිළිබඳව සාකච්චා කිරීමට පහත comment box එක භාවිත කර කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *